Ultimate magazine theme for WordPress.

වසරේ ක්‍රීඩකයා ලෙස රෝස් ටේලර් සම්මාන දිනයි

වසරේ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ශ්‍රීමත් රිචඩ් හැඩ්ලී සම්මානයෙන් මෙවර පිදුම් ලැබීමට රෝස් ටේලර් සමත්ව තිබෙනවා.

ඔහු අදාළ සම්මානයෙන් පිදුම් ලැබූ තෙවන අවස්ථාව මෙයයි.

නවසීලන්ත ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේ අවසන් දිනය වූ අද දිනයේ දී වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ටිම් සවුති සම්මානයෙන් පිදුම් ලැබුවා.

වසරේ විනිසුරුට හිමි සම්මානය හිමි කර ගත්තේ Kim Cotton.

නිමා වූ පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දී ද විනිසුරුවරියක ලෙස ඇය කටයුතු කළා.

මේ අතර, වසරේ පන්දුවාර 20යි 20 ක්‍රීඩකයා ලෙස ද රෝස් ටේලර් සම්මාන හිමි කර ගත්තා.

වසරේ එක්දින ක්‍රීඩකයා නායක කේන් විලියම්සන්.

ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ නවතම පුවත් එසැණින් දැන ගැනීම සදහා අපගේ ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වන්න

 

Leave a comment