Ultimate magazine theme for WordPress.

වනිදුගේ කඩුලු 6 හා ලකුණු 95 හමුවේ දඹුල්ල ලකුණු 444 ක් ඉදිරියෙන්

Day 3 Report

ජාතික සුපිරි ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය (National Super League 4-Day Tournament) යටතේ දඹුල්ල කණ්ඩායම හා යාපනය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ තෙවැනි දිනය අද (25) කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී නිමා වුණා.

ඒ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දඹුල්ල කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 254 ක් ලබා සිටියා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වනිදු හසරංග පන්දු 66 කින් ලකුණු 95 ක් ලබා සිටියදී දැවී ගියා. හයේ පහර 6 ක් හා හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පවන් රත්නායක ලකුණු 47 යි. පන්දු යැවීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 2ක් බිද හෙලුවා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි යාපනය පිල කඩුලු 7 ක් දැවී ලකුණු 220 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 236 ක් පමණයි.

රොන් චන්ද්‍රගුප්ත ලකුණු 97 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග ලකුණු 46 කට කඩුලු 6 ක් දවා ගැනීම කැපී පෙනුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම ලකුණු 426 ක් ලබා ගත්තා. ඒ අනුව ඔවුන් මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 444 ක්.

Leave a comment