Ultimate magazine theme for WordPress.

ලෝක කුසලානයට පිටත්ව යාමට පෙර දසුන් පැවසූ දේ

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන ඕමාන තරගාවලිය ද ලෝක කුසලානයේ සූදානම සදහා ඉතා වැදගත් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද(4) ඕමානය බලා පිටත්ව ගිය අතර, ඊට පෙර අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

“මුලින්ම මූලික වටයේ තරග 3 ජය ගැනීම තමයි සැලසුම වෙලා තියෙන්නේ. ඉතිං ඒ තරග 3 ජයග්‍රහනය කරලා ප්‍රධාන තරගාවලියට (සුපිරි 12) ගිහිල්ලා ඒ ප්‍රධාන තරගාවලියේ තියෙන තරග පියවරෙන් පියවර ගිහිං ජයග්‍රහනය කරන්න තමයි බලාපොරොත්තුවෙන්නෙ.” යනුවෙන් දසුන් කියා සිටියා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන ද උපදේශකයෙකු ලෙස කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් ද මෙහිදී දසුන් ශානක සුබවාදීව අදහස් පල කළා.

“අපි දන්නවා ඔහු(මහේල) කොයි වගේ උපක්‍රමශීලී නායකයෙක් ද ක්‍රීඩකයෙක් ද කියලා. අයි.පී.එල් තරගාවලියෙන් පස්සේ කෙලින්ම අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙන්නේ. ඉතිං. ඒක ලොකු වාසියක් වෙයි කියලා හිතෙනවා.”

දර්ශන පහතින් –

Leave a comment