Ultimate magazine theme for WordPress.

උසේන් බෝල්ට්ට T20 ලෝක කුසලානයේ තනතුරක්

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස ඔලිම්පික් ශූර ජැමයිකාවේ උසේන් බෝල්ට් පත් කර තිබෙනවා.

ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙන බෝල්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ද දැඩි ලැදිකමක් දක්වන්නෙකු වන බව නොරහසක්.

උසේන් බෝල්ට් ඔලිම්පික් රන් පදක්කම් 8කට හිමිකම් කියන අතර, ක්‍රිකට් ක්‍රීඩාව ද ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් කර ඇති පසුබිමක ඔහුව මෙලෙස තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස පත් කර තිබීම විශේෂත්වයක්.

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි මාසයේ දී පැවැත්වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී යි.

2028 වසරේ දී ඇමෙරිකාවේම ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහායි ක්‍රිකට් ක්‍රීඩාව යළි ඇතුළත් කර ඇත්තේ.

ලෝක කුසලාන තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස තමන්ව පත් කිරීම සම්බන්ධයෙන් උසේන් බෝල්ට් මෙලෙස අදහස් දක්වා තිබෙනවා.

“I am thrilled to be an ambassador for the upcoming ICC Men’s T20 World Cup,”

“Coming from the Caribbean where Cricket is a part of life, the sport has always held a special place in my heart, and I am honoured to be part of such a prestigious tournament.

“I look forward to bringing my energy and enthusiasm to the World Cup and contributing to the growth of cricket globally.”

“America believes a lot in sport and high intensity and for me to get into that market is big,”

“When they follow a sport, they follow a sport properly and they go all in and I feel like if they can crack into it, they will get into it the right way

“If we bring energy like I know we will for the T20 (World Cup) it is going to be wonderful.”

“If you listen to NBA players and the way they talk about winning a gold medal, they have won NBA titles, they have their rings, but they are like ‘we went to the Olympics’,”

“The other day I watched the documentary about how they (USA basketball team) lost (at the 2004 Olympics) and there was a Redeem Team (at the Beijing Games in 2008) and the focus and the hard work (they needed to win).

“That is how big (important) getting a gold medal is. Every sport tries to get into the Olympics because it is such a big thing and it is such a great feeling to be on a podium winning that gold medal.”

Leave a comment