Ultimate magazine theme for WordPress.

ලකුණු 20 ක් 30ක් මදි වුණා : අසලංක

ඇෆ්ඝනිස්තානය සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී පිතිකරුවන් තවත් ලකුණු 20 ක් 30 ක් පමණ ලබා ගත්තේ නම් තරගයේ තීරණය වෙනස් වීමට ඉඩ තිබූ බව ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු චරිත් අසලංක පවසනවා.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 6 ක පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

තණතීරුව කෙමෙන් කෙමෙන් පිතිකරුවන්ට වාසි දායක ස්වභායක් ගත් බවත්, එබැවින් තමාගේ ඉලක්කය වී තිබුණේ ලකුණු 280 ක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යාම බවත් අසලංක සදහන් කළා.

කෙසේ වෙතත්, පිතිකරුවන්ගේ හා පන්දු යවන්නන්ගේ අඩුපාඩු හේතුවෙන් තරගය පරාජයට පත් වූ බවයි ඔහු පෙන්වා දුන්නේ.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ දී සියලු දෙනා දැවී ලකුණු 268 ක් ලබා ගත්තා.

අසලංක ලකුණු 91 ක් රැස් කළේ පන්දු 95 කින්. හතරේ පහර 12 ක් අසලංකගේ ඉනිමට ඇතුළත්.

තරගය ජය ගැනීම සදහා ලකුණු 269 ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ඝනිස්තානය ඉනිම නිමා වීමට පන්දු 19 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4 ක් දැවී සිටියදීයි.

මාධ්‍ය හමුවේ දර්ශන පහතින් –

Leave a comment