Ultimate magazine theme for WordPress.

යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන නිකුත් වෙයි

ආසියානු කුසලාන යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම මෙවර තරගාවලියේ මූලික වටයේ දී ‘B’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි.

එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ බංග්ලාදේශය, නේපාලය හා කුවේට් යන රටවල්.

‘A’ කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ඝනිස්තානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග වදිනවා.

තරගාවලිය එළඹෙන 23 වනදා සිට එළඹෙන 31 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

Leave a comment