Ultimate magazine theme for WordPress.

මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් 06 දෙනා සහ ඔවුන්ගේ දත්ත වාර්තා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය නවක ක්‍රීඩකයන් රැසක් පිරිවරාගෙන මේ දිනවල මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනවා.

Reds, Greens, Blues සහ Greys යන කණ්ඩායම් හතරකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ තරග 08 ක් මේ වනවිටත් පවත්වා අවසන්.

අවසන් මහා තරගයට පෙර මුලික වටයේ තවත් තරග 04 ක් පැවැත්වීමට නියමිතයි.

මෙතෙක් ක්‍රීඩා කළ තරග හතරම ජයග්‍රහණය කළ දසුන් ශානක නායකත්වය දරන SLC Greys කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

තරගාවලිය පුරා නවක ක්‍රීඩකයන් මෙන්ම අත්දැකිම් සහිත ක්‍රීඩකයන් පිත්තෙන් සහ පන්දුවෙන් දක්ෂතා දක්වනු දැකගන්නට ලැබුණා.

ඉදිරි දකුණු අප්‍රිකානු තරගාවලියේ මෙන්ම මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ තවමත් හිඩස්ව පවතින ස්ථාන සදහා ක්‍රීඩකයන් තෝරාගැනීමට මෙම තරගාවලිය රුකුලක් වනු නොඅනුමානයි.

මෙතෙක් පැවති තරගවලට අනුව තරගාවලිය පුරා වැඩිම ලකුණු රැස්කර තිබෙන පිතිකරුවන් 06 දෙනා පිළිබඳ ඔබව දැනුවත් කිරීමට Hitwicket.lk අප තීරණය කළා.

එම පිතිකරුවන් හය දෙනා මෙසේයි.

06. අශේන් බණ්ඩාර ( SLC Blues )

තරග 4 යි, රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 112 යි, පිතිකරණ සාමාන්‍ය 37.33 යි, ප්‍රහාරාත්මක වේගය 180.64 යි, හොඳම ඉනිම 45, වාර්තා කර ඇති හතරේ පහරවල් ගණන 10 යි, හයේ පහරවල් ගණන 4 යි

05. සදීර සමරවික්‍රම ( SLC Blues )

තරග 4 යි, රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 123 යි, පිතිකරණ සාමාන්‍ය 30.75 යි, ප්‍රහාරාත්මක වේගය 120.58 යි, හොඳම ඉනිම 58 යි, වාර්තා කර ඇති හතරේ පහරවල් ගණන 09 යි, හයේ පහරවල් ගණන 04 යි, අර්ධ ශතක ගණන 1 යි

04. දිනේෂ් චන්දිමාල් ( SLC Reds )

තරග 4 යි, රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 129 යි, පිතිකරණ සාමාන්‍ය 43.00 යි, ප්‍රහාරාත්මක වේගය 119.44 යි, හොඳම ඉනිම 59 යි, වාර්තා කර ඇති හතරේ පහරවල් ගණන 11 යි, හයේ පහරවල් ගණන 2 යි, අර්ධ ශතක ගණන 02 යි

03. පැතුම් නිස්සංක ( SLC Greens )

තරග 4 යි, රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 145 යි, පිතිකරණ සාමාන්‍ය 48.33 යි, ප්‍රහාරාත්මක වේගය 134.25 යි, හොඳම ඉනිම 76* යි, වාර්තා කර ඇති හතරේ පහරවල් ගණන 15 යි, හයේ පහරවල් ගණන 03 යි, අර්ධ ශතක ගණන 1 යි.

02. කමිඳු මෙන්ඩිස් ( SLC Greens )

තරග 4 යි, රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 193 යි, පිතිකරණ සාමාන්‍ය 96.50 යි, ප්‍රහාරාත්මක වේගය 167.82 යි, හොඳම ඉනිම 74 යි, වාර්තා කර ඇති හතරේ පහරවල් ගණන 13 යි, හයේ පහරවල් ගණන 08 යි, අර්ධ ශතක ගණන 3 යි

01. දසුන් ශානක ( SLC Greys )

තරග 4 යි, රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 195 යි, පිතිකරණ සාමාන්‍ය 65.00 යි, ප්‍රහාරාත්මක වේගය 177.27 යි, හොඳම ඉනිම 84 යි, වාර්තා කර ඇති හතරේ පහරවල් ගණන 18 යි, හයේ පහරවල් ගණන 10 යි, අර්ධ ශතක ගණන 2 යි.

Leave a comment