Ultimate magazine theme for WordPress.

මරූෆ් නායකත්වය රැක ගනියි – පුහුණුකරු ඉවතට

2020/21 තරග වාරය සදහා වන කොන්ත්‍රාත්ගත කාන්තා ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට Anam Amin සහ Omaima Sohail අලුතින් නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ක්‍රීඩිකාවන් 9 දෙනෙකුගෙන් යුත් කොන්ත්‍රාත් ලැයිස්තුව කාණ්ඩ 3ක් යටතේ ප්‍රකාශයට පත් කර ඇති බව සදහන්.

Bismah Maroof තවදුරටත් කණ්ඩායමේ නායකත්වය ද රැක ගැනීමට සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත්, කණ්ඩායමේ පුහුණුකරු Iqbal Imam ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර, ඉදිරියේ දී නව පුහුණුකරුවෙකු පත් කර ගැනීම සදහා අවශ්‍ය කටයුතු සිදු කරනු ඇති.

මේ අතර, සියලු ක්‍රීඩිකාවන්ට වැටුප් වර්ධකයක් ද ලබා දී තිබෙනවා.

ඒ අනුව A කාණ්ඩයේ ක්‍රීඩිකාවන්ට 33%ක වැටුප් වර්ධකයක් ද, B කාණ්ඩයේ ක්‍රීඩිකාවන්ට 30%ක වැටුප් වර්ධකයක් ද ලබා දී ඇති අතර, C කාණ්ඩයේ ක්‍රීඩිකාවන්ට 25%ක වැටුප් වර්ධකයක් ලබා දී ඇති බව සදහන්.

එමෙන්ම ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහළ දැමීමටත්, ත්‍යාග මුදල් 100% කින් ඉහළ දැමීමටත් තීරණය කර තිබෙනවා.

කොන්ත්‍රාත්ගත ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව 2020-21:

Category A – Bismah Maroof and Javeria Khan

Category B – Aliya Riaz, Diana Baig and Sidra Nawaz

Category C – Anam Amin, Nahida Khan, Nida Dar and Omaima Sohail

Leave a comment