Ultimate magazine theme for WordPress.

පාන්ට්ගේ ශතකයෙන් සවිමත් වූ ඉන්දියාව පළමු ඉනිමේ පෙරමුණ ගනියි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(5) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ඉන්දියාව වෙත හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 294ක් ලබා සිටියා.

ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 6 ලකුණු 146ක්ව තිබියදී බිද වැටුණා.

කෙසේ වෙතත්, අනතුරුව රිෂාබ් පාන්ට් සහ වොෂින්ටන් සුන්දර් අතර 7 වැනි කඩුල්ල සදහා ලකුණු 113ක සබදතාවයක් ගොඩ නැගුණා.

පාන්ට් සිය තෙවැනි ටෙස්ට් ශතකය අද වාර්තා කළ අතර, ඔහු ලකුණු 101කට දැවී ගියා.

ඔහු සිය ඉනිමේ දී ජේම්ස් ඇන්ඩර්සන්ට එරෙහිව රිවර්ස් ස්වීප් පහරකින් ස්ලිප් ක්‍රීඩකයින්ට ඉහළින් එල්ල කළ හතරේ පහරක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට ද සමත් වුණා.

වොෂින්ටන් සුන්දර් නොදැවී ලකුණු 60ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, රෝහිට් ෂර්මා ලකුණු 49ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3ක්, ජැක් ලීච් කඩුලු 2ක් සහ බෙන් ස්ටොක්ස් කඩුලු 2ක් බිද හෙලුවා.

අහ්මදාබාද්හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගන්තයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 205ක් පමණයි.

බෙන් ස්ටොක්ස් ලකුණු 55ක්, ඩෑන් ලෝරන්ස් ලකුණු 46ක් සහ ඔලී පෝප් ලකුණු 29ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නැවතත් සුපිරි පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ අක්සාර් පටෙල් කඩුුලු 4ක් සහ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව ඉන්දියාව මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 89ක්.

Leave a comment