Ultimate magazine theme for WordPress.

පාකිස්තානය අසීරු තත්ත්වයකට ඇද වැටෙයි – Day 2 Report

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය ඊයේ(22) නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 3ක් දැවී ලකුණු 24ක් ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටියා.

ශාන් මසූඩ් ලකුණු 4කටත්, අබිඩ් අලී එක් ලකුණකටත්, බබාර් අසාම් ලකුණු 11කටත් දැවී ගියා.

නායක අසාර් අලී නොදැවී ලකුණු 4ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, පන්දු යැවීමේ දී ජෙම්ස් ඇන්ඩර්සන් දැවී ගිය කඩුලු තුනේම හිමිකරුවා බවට පත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 583ක් ලබා සිටියදීයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ සැක් ක්‍රවුලි ලකුණු 267ක් රැස් කළේ එක් හයේ පහරක් සහ හතරේ පහර 34ක් සමගින්.

ඔහුට අගනා සහයක් ලබා දුන් ජොස් බට්ලර් ලකුණු 152ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා අතර පස් වන කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 359ක්.

පන්දු යැවීමේ දී යසීර් ශාහ්, ශහීන් ෂාහ් අෆ්රිඩි සහ ෆවඩ් අලාම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව සවුත්හැම්ටන් හී දී පැවැත්වෙන මෙම තරගයේ දී මේ වන විට පාකිස්තානය පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 559ක්.

දිනයේ විශේෂ අවස්ථා පහතින් –

Leave a comment