Ultimate magazine theme for WordPress.

පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සියල්ල සූදානම්

පළමු අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය හෙට(18) එංගලනතයේ සවුත්හැම්ටන් හි රෝස් බෝල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ, ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 3ට ආරම්භ කිරීමට නියමිතයි.

2019 වසරේ දී ආරම්භ වූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු අදියර සදහා තරග වැදුණු රටවල් සංඛ්‍යාව 9ක්.

එහි ප්‍රසාද ලකුණු සටහනේ (ප්‍රතිශත අනුව) ඉදිරියෙන්ම පසු වූ රටවල් දෙකයි මෙලෙස අවසන් මහා තරගයට තරග වදින්නේ.

අවසන් තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට අයි.සී.සී ටෙස්ට් ශූරතා සෙන්කෝලය සමග අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමි වන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 31ක් පමණ වනවා.

අනුශූරයින්ට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් 800,000ක්.

අවසන් තරගයේ දී පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන්නේ Richard Illingworth සහ Michael Gough.

තෙවන විනිසුරු ලෙස Richard Kettleborough ද, සිව්වන විනිසුරු ලෙස Alex Wharf ද කටයුතු කිරීමට නියමිත බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

තරගය සදහා ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම මේ වන විටත් ප්‍රකාශයට පත් කර අවසන්.

  • ඉන්දීය කණ්ඩායම : Rohit Sharma, Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli (c), Ajinkya Rahane, Rishabh Pant (wk), Ravindra Jadeja, Ravichandran Ashwin, Ishant Sharma, Mohammed Shami and Jasprit Bumrah.
  • නවසීලන්ත සංචිතය : Kane Williamson (c), Tom Blundell, Trent Boult, Devon Conway, Colin de Grandhomme, Matt Henry, Kyle Jamieson, Tom Latham, Henry Nicholls, Ajaz Patel, Tim Southee, Ross Taylor, Neil Wagner, BJ Watling, Will Young.
Leave a comment