Ultimate magazine theme for WordPress.

පංජාබ් කිංග්ස් නව පුහුණුකරු ප්‍රකාශයට පත් කෙරේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ මීළග අදියර සදහා පංජාබ් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ට්‍රෙවර් බෙයිලිස් පත් කර තිබෙනවා.

මෙතෙක් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අනිල් කුම්බ්ලේගේ ගිවිසුම් කාලය දීර්ඝ නොකිරීමට එම කණ්ඩායමේ හිමිකාරීත්වය පියවර ගෙන මාසයකට ආසන්න කාලයක් ගතව ඇති පසුබිමකයි පංජාබ් කණ්ඩායම මේ බව නිවේදනය කළේ.

2020 හා 2021 වසරවලදී කණ්ඩායම් 8ක් ක්‍රීඩා කළ අයි.පී.එල් තරගාවලියන්හී දී පංජාබ් කිංග්ස් කණ්ඩායමට 5 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වූ අතර, 2022 වසරේ පැවැති කණ්ඩායම් 10ක් ක්‍රීඩා කළ අයි.පී.එල් තරගාවලියේ දී ඔවුන්ට හිමි වූයේ 6 වැනි ස්ථානයයි.

නව පුහුණුකරු ට්‍රෙවර් බෙයිලිස් 2019 වසරේ දී එංගලන්ත කණ්ඩායමට ලෝක ක්‍රිකට් ශූරතාවය ජය ගැනීම සදහා මග පෙන්වනු ලැබුවා.

එමෙන්ම 2012 හා 2014 වසරවලදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අයි.පී.එල් ශූරතාවය දිනා ගන්නා විට ද එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ට්‍රෙවර් බෙයිලිස් 2020 හා 2021 වසරවලදී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ සිඩ්නි සික්සර්ස් කණ්ඩායම ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලියේ ශූරතාවය ද ජය ගැනීමට සමත්ව තිබෙනවා.

Leave a comment