Ultimate magazine theme for WordPress.

ධනංජය ලක්ෂාන්ව විදෙස් කණ්ඩායමක් මිළදී ගනියි

ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක ධනංජය ලක්ෂාන් මෙවර අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා තෝරා ගෙන ඇති බව වාර්තා වනවා.

නොදන් වොරියර්ස් (Northern Warriors) කණ්ඩායම විසිනුයි ඔහුව තෝරා ගෙන ඇත්තේ.

T 10 ලීග් තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීම (draft) හෙවත් ක්‍රීඩක කෙටුම්පත් කිරීම පසුගිය 23 වනදා සිදු කෙරුණා.

ඒ අනුව ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව ද ඇතුළුව මීට පෙර අදාළ තරගාවලිය සදහා තෝරා ගෙන තිබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 12ක්.

කෙසේ වෙතත්, විදෙස් ලීග් තරගාවලි සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සහභාගී වීමට අවසර ලබා නොදෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයක් ගෙන ඇති බවටයි පසුගිය දිනවලදී තොරතුරු වාර්තා වුණේ.

ඒ අනුව අදාළ තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයට කුමක් සිදුවේද යන්න මෙතෙක් පැහැදිලි වී නැහැ.

සිව්වන වරටත් පැවැත්වීමට නියමිත අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය එළඹෙණ 28 වනදා සිට පෙබරවාරි 6 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සදහා මීට පෙර තෝරා ගැණුනු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් –

වනිදු හසරංග – ඩෙකෑන් ග්ලැඩියේටර්ස්, අජන්ත මෙන්ඩිස් – පූනේ ඩෙවිල්ස්, ළහිරු කුමාර – ඩෙකෑන් ග්ලැඩියේටර්ස්,
චාමර කපුගෙදර – පූනේ ඩෙවිල්ස්, දසුන් ශානක – දිල්ලි බුල්ස්, මහේෂ් තීක්ෂණ – නොදන් වොරියර්ස්, අවිශ්ක ප්‍රනාන්දු – අබුඩාබි කණ්ඩායම, තිසර පෙරේරා – පූනේ ඩෙවිල්ස් (Icon player), ඉසුරු උදාන – බංග්ලා ටයිගර්ස් (Icon player), භානුක රාජපක්ෂ – ඩෙකෑන් ග්ලැඩියේටර්ස්, දුෂ්මන්ත චමීර – දිල්ලි බුල්ස්, නුවන් ප්‍රදීප් – නොදන් වොරියර්ස්

Leave a comment