Ultimate magazine theme for WordPress.

දෙවැනි තරගය අභියස ඉන්දු – එංගලන්ත කණ්ඩායම් ආබාධ අර්බුදයක

ආබාධයක් හේතුවෙන් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ්ට ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

පුහුණුවීම් අතරතුර දී ඔහුගේ පාදයක සිදු වූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙලෙස හෙට(12) ආරම්භ වන තරගය අහිමි වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම ජේම්ස් ඇන්ඩර්සන් ද ආබාධයකට ලක්ව ඇති බවත්, ඒ හේතුවෙන් ඔහුට ද දෙවැනි තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව ඇති බවත් සදහන්.

ඒ අනුව එංගලන්ත සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක සකිබ් මහ්මූද් කැදවීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ.

බොහෝ විට මාර්ක් වුඩ් හා සකිබ් මහ්මූද් හෙට තරගය සදහා ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලී ද සංචිතයට කැදවා ඇති බැවින් ඔහු ද දෙවැනි තරගය සදහා ක්‍රීඩා කරනු ඇති.

මේ අතර, එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ දග පන්දු යවන ක්‍රීඩක ඩොම් බෙස් සංචිතයෙන් ඉවත්ව යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග එක් වීමට නියමිත බවයි.

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක ශර්දුල් තාකූර් ද ආබාධයකට ලක්ව ඇති බැවින් ඔහුට ද දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය අහිමි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Leave a comment