Ultimate magazine theme for WordPress.

දිමුත්ට අවසන් මහා තරගය අහිමි වන ලකුණු

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට හෙට(9) නෙදර්ලන්තය සමග පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව වාර්තා වනවා.

අද දෙරණ කෙළිබිම වාර්තා කර ඇත්තේ ඔහුගේ පාදයක සිදුව ඇති ආබාධයක් හේතුවෙන් මෙලෙස දිමුත්ට හෙට තරගය අහිමි වී ඇති බවයි.

මෙම තරගාවලියේ දී දිමුත් ඉනිම් 7 කදී ලකුණු 369 ක් වාර්තා කිරීමට සමත් වූ අතර, තරගාවලියේ තෙවැනි වැඩිම ලකුණුලාභියා වන්නේ ද ඔහුයි.

අවසන් මහා තරගය හෙට මෙරට වේලාවෙන් දහවල් 12.30ට හරාරේ හී දී ආරම්භ වීමට නියමිතයි.

සුපිරි 6 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිමිනුයි ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතවම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ.

ශ්‍රී ලංකාව මේ වන විට අඛණ්ඩව එක්දින තරග 9ක් ජයගෙන තිබීම ද විශේෂත්වයක්.

හෙට තරගයේ ප්‍රතිපලය කුමක් වුවත්, ලෝක කුසලාන තරගාවලිය සදහා ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය මේ වන විටත් සුදුසුකම් ලබා අවසන්.

Leave a comment