Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකා නායකයාටත් 20යි 20 තරගාවලිය අහිමි වෙයි

පාකිස්තානය සමග ආරම්භ වීමට නියමිත තරග 4කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව දකුණු අප්‍රිකා නායක ටෙම්බා බවුමාට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පාදයක ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඒ අනුව 20යි 20 තරගාවලියේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ හෙන්රිච් ක්ලාසීන්ටයි.

ආබාධයකට ලක් වූ රසී වැන් ඩර් ඩුසේන් ද තවදුරටත් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

මේ අතර, එක්දින සංචිතයට නම් කර සිටි ඒඩ්න් මාක්‍රම්, ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ, වියාන් මුල්ඩර් සහ Daryn Dupavillon යන ක්‍රීඩකයින් 20යි 20 සංචිතය සදහා ද කැදවා තිබෙනවා.

ක්වෙන්ටන් ඩී කොක්, ඩේවිඩ් මිලර්, ලුන්ගි එන්ගිඩී, කාගිසෝ රබාඩා සහ අන්රිච් නොකියා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම හේතුවෙන් මෙම 20යි 20 තරගාවලිය සදහා එම ක්‍රීඩකයින් එක් වන්නේ නැහැ.

පළමු 20යි 20 තරගය හෙට(10) ජොහැනස්බර්ග්හී දී පැවැත්වීමට නියමිතයි.

Squad XI: Heinrich Klaasen (c), Bjorn Fortuin, Aiden Markram, Andile Phehlukwayo, Beuran Hendricks, George Linde, Rassie van der Dussen, Janneman Malan, Sisanda Magala, Wiaan Mulder, Tabraiz Shamsi, Lutho Sipamla, Kyle Verreynne, Pite van Biljon, Daryn Dupavillon, Migael Pretorius, Lizaad Williams, Wihan Lubbe.

Leave a comment