Ultimate magazine theme for WordPress.

තවත් LPL කණ්ඩායමක හිමිකාරීත්වය අවලංගු කෙරේ ?

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන තවත් කණ්ඩායමක හිමිකාරීත්වය සමග ඇති ගිවිසුම අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බව වාර්තා වනවා.

ක්‍රිකට් ආයතනය විසින් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් නිවේදනය කර නැතත්, ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය මෙලෙස අවලංගු කිරීමට කටයුතු කර ඇති බවයි.

LPL පළමු අදියරේ ශූරතාවය ද දිනා ගැනීමට සමත් වුණේ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කණ්ඩායමයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය අවලංගු කිරීමට ද පසුගිය මාසයේ දී තරගාවලි සංවිධායකයින් කටයුතු කළා.

මූල්‍යමය ගැටලුවක් හේතුවෙන් එම අවලංගු කිරීම සිදු කෙරුණු බව සදහන්.

අදාළ කණ්ඩායම්වල හිමිකාරීත්වය ලබා ගැනීම සදහා පාර්ශව රැසක් ඉදිරිපත්ව ඇති බවත්, එම කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවත් වාර්තා වනවා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය (දෙවැනි අදියර) ජූලි 29 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a comment