Ultimate magazine theme for WordPress.

තරග කාලසටහනක් නොමැතිව පාකිස්තාන ක්‍රීඩකයින් එංගලන්තයට

කොරෝනා වෛරසය ආසාදනය වූ පාකිස්තාන ක්‍රීඩකයින් 10 දෙනෙකු හදුනා ගැණුන ද පාකිස්තාන කණ්ඩායමේ එළඹෙන එංගලන්ත තරග සංචාරය නියමිත පරිදි සිදු කෙරෙන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව එළඹෙන 28 වනදා පාකිස්තාන ක්‍රීඩකයින් එංගලන්තය වෙත ළගා වීමට නියමිතයි.

ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වෙන මෙම තරග සංචාරයට අදාළ තරග කාලසටහන ඉදිරියේ දී නිල වශ‍යෙන් ප්‍රකාශයට පත් කරන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ ක්‍රීඩකයින් මෙම සංචාරයට මේ මොහොතේ එක් නොවන අතර, වෛරසය ආසාදනය නොවූ බව තහවුරු වූවන් මේ වන විට තවත් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර තිබෙනවා.

එහිදී ද වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වන ක්‍රීඩකයින් පමණක් එංගලන්ත තරග සංචාරයට එක් වනු ඇති.

ක්‍රීඩකයින් එංගලන්තයට පැමිණීමෙන් පසුව දින 14ක නීරෝධායන ක්‍රියාවලියකට ද ලක් කෙරෙනවා.

මෙම සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

Leave a comment