Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පහතට ඇද වැටෙයි

සෑම වසරකම මැයි මාසයේ දී ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කරන අතර, එහිදී අවසන් වසර තුනක කාලය තුළ ලබා ඇති ජයග්‍රහන මත පදනම්වයි නව ශ්‍රේණිගත කිරීම් සකස් කරනු ලබන්නේ.

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නවතම අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අද(13) ප්‍රකාශයට පත් කළා.

සෑම වසරකම මැයි මාසයේ දී ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කරන අතර, එහිදී අවසන් වසර තුනක කාලය තුළ ලබා ඇති ජයග්‍රහන මත පදනම්වයි නව ශ්‍රේණිගත කිරීම් සකස් කරනු ලබන්නේ.

ඒ අනුව ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා සිටින ඉන්දියාව සහ නවසීලන්තය නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ද තවදුරටත් පිළිවෙලින් පළමු සහ දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

ඉන්දියාව ශ්‍රේණිගත කිරීම්හි ලකුණු 121ක් හිමි කර ගෙන ඇති අතර, දෙවැනි ස්ථානයේ පසුවන නවසීලන්තයට ලකුණු 120ක් හිමිව තිබෙනවා.

නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔස්ට්‍රේලියාව අභිබවා එංගලන්තය තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

පාකිස්තානය තවදුරටත් පස්වන ස්ථානයේ රැදී සිටින නමුත්, ඔවුන්ට ශ්‍රේණිගත කිරීම්හි ලකුණු 94ක් හිමිව ඇත්තේ නවතම යාවත්කාලීන කිරීම තුළින් තවත් ලකුණු 3ක් ලබා ගනිමින්.

බංග්ලාදේශයට එරෙහිව තරග 2-0කින් ලැබූ ටෙස්ට් තරගාවලි ජය මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව 0-0ක් ලෙස ටෙස්ට් තරගාවලිය සම කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙම වසරේ දී සමත් වීම හේතුවෙන් කොදෙව්වන් 8 වැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

එය 2013 වසරෙන් අනතුරුව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි කොදෙව් කණ්ඩායම ලබා ගත් ඉහළම ස්ථානයයි.

දකුණු අප්‍රිකාව 7 වැනි ස්ථානයේ පසුවන අතර, මෙතෙක් 7 වැනි ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 8 වැනි ස්ථානයයි.

ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීම්හි ලකුණු 5ක් ද අහිමි වී ඇති අතර, හිමිව ඇති සමස්ත ලකුණු සංඛ්‍යාව 78ක්.

දකුණු අප්‍රිකාවට වඩා ශ්‍රී ලංකාව පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 2ක්. (නවතම ශ්‍රේණිගත කිරීම් පහතින්)

ඇෆ්ඝනිස්තානය සහ අයර්ලන්තය ද ටෙස්ට් වරම් දිනා ඇතත්, ඔවුන් ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත්වීමට තරම් ප්‍රමාණවත් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කර නොමැති බැවින් මෙම ශ්‍රේණිගත කිරීම්වලට එම රටවල් ඇතුළත් කර නැහැ.

ICC
Leave a comment