Ultimate magazine theme for WordPress.

ජොෂ් ටොන්ග් සමග එංගලන්ත අළුබදුන සංචිතය නිවේදනය කෙරේ

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

අයර්ලන්තයට එරෙහිව නම් කෙරුණු ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයම එම තරග දෙක සදහා ද නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ‍ගෙන ඇත්තේ.

ඒ අනුව අයර්ලන්තයට එරෙහිව මේ දිනවල ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ජොෂ් ටොන්ග් ද අළුබදුන තරගාවලියේ පළමු තරග දෙක සදහා ඇතුළත්.

ආබාධවලට ලක්වීම හේතුවෙන් අයර්ලන්තයට එරෙහි තරගයෙන් විවේක ගැන් වූ ජේම්ස් ඇන්ඩර්සන් හා ඔලී රොබින්සන් පළමු අළුබදුන තරගයේ දී යළි කණ්ඩායමේ ස්ථාන හිමි කර ගැනීමට වැඩි ඉඩක් පවතිනවා.

එංගලන්ත ටෙස්ට් සංචිතය සදහා වේග පන්දු යවන්නන් 7 දෙනෙකු ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

අළුබදුන තරගාවලියේ පළමු තරගය එළඹෙන 16 වැනිදා බර්මිංහැම් හි Edgbaston ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

England men’s Ashes Test squad:

Ben Stokes (c), James Anderson, Jonathan Bairstow, Stuart Broad, Harry Brook, Zak Crawley, Ben Duckett, Dan Lawrence, Jack Leach, Ollie Pope, Matthew Potts, Ollie Robinson, Joe Root, Josh Tongue, Chris Woakes, Mark Wood

Leave a comment