Ultimate magazine theme for WordPress.

ජෙයිඩන් සීල්ස් පළමු ටෙස්ට් තරගයට නම් කරයි

දකුණු අප්‍රිකාව සමග හෙට(10) ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයට 19 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක ජෙයිඩන් සීල්ස් (Jayden Seales) නම් කර තිබීම විශේෂත්වයක්.

මීට පෙර ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් එරට ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කර තිබූ අතර, ඊට ඇතුළත්ව සිටි ෂැනොන් ගේබ්‍රියල් (ආබාධයක්), ඩැරන් බ්‍රාවෝ, ජහ්මාර් හැමිල්ටන් (Jahmar Hamilton) සහ ජොමල් වෝරිකන් (Jomel Warrican) මෙම සංචිතයට නම් කර නැහැ.

පළමු තරගය සදහා වන සංචිතයට ෂායි හෝප් සහ කිරන් පවෙල් ද කැදවා තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට(10) මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි තරගය ජූනි 18 වනදා ද ආරම්භ වන අතර, තරග දෙකම ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මෙම කණ්ඩායම් දෙක ක්‍රීඩා කරන අවසන් තරගාවලියයි.

කොදෙව්වන් එහි ප්‍රසාද ලකුණු සටහනේ (ප්‍රතිශත අනුව) 6 වැනි ස්ථානයේ පසු වන අතර, දකුණු අප්‍රිකාව රැදී සිටින්නේ 7 වැනි ස්ථානයේ යි.

WI Squad for first Test:

Kraigg Brathwaite (Captain), Jermaine Blackwood (Vice Captain), Nkrumah Bonner, Roston Chase, Rahkeem Cornwall, Joshua Da Silva, Jason Holder, Shai Hope, Alzarri Joseph, Kyle Mayers, Kieran Powell, Kemar Roach, Jayden Seales

Leave a comment