Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකාවට එරෙහි කොදෙව් මූලික සංචිතය නම් කෙරේ

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන මූලික සංචිතයක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 17 දෙනෙකු ඊට ඇතුළත් අතර, එය එළඹෙන 7 වැනිදා වන විට ක්‍රීඩකයින් 13 දෙනෙකු දක්වා අවම කරන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

සංචිතයට 19 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක Jayden Seales ද නම් කර තිබීම විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජූනි 10 වනදා ද, දෙවැනි තරගය ජූනි 18 වනදා ද ආරම්භ වන අතර, තරග දෙකම ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන අවසන් තරගාවලියයි.

කොදෙව්වන් එහි ප්‍රසාද ලකුණු සටහනේ (ප්‍රතිශත අනුව) 6 වැනි ස්ථානයේ පසු වන අතර, දකුණු අප්‍රිකාව රුදී සිටින්නේ 7 වැනි ස්ථානයේ යි.

WI Squad:

Kraigg Brathwaite (c), Jermaine Blackwood (vc), Nkrumah Bonner, Darren Bravo, Roston Chase, Rahkeem Cornwall, Joshua da Silva, Shannon Gabriel, Jahmar Hamilton, Jason Holder, Shai Hope, Alzarri Joseph, Kyle Mayers, Kieran Powell, Kemar Roach, Jayden Seales, Jomel Warrican

Leave a comment