Ultimate magazine theme for WordPress.

“ජාතික අභිමානය මතක තියා ගන්න” සනත්ගෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ප්‍රතිචාර

එංගලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිමේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවට පහරදුන් ආකාරය තමා දුටු කණගාටුදායකම පිතිකරණයන්ගෙන් එකක් බව හිටපු ක්‍රිකට් නායක සහ හිටපු තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසූරිය මහතා පවසනවා.

ඒ, සිය ට්විටර් ගිණුමට සටහනක් එක් කරමින්.

ක්‍රීඩාවේ දී අසමත් වීම සාමාන්‍යයෙන් සිදු වන්නක් බවයි ජයසූරිය මහතා දෙන්නේ.

කෙසේ වෙතත්, ඊයේ(25) දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිතිකරණයේ නිරත වූ අයුරු කිසිසේ්ත් අනුමත කළ නොහැකි බව ඔහුගේ අදහසයි.

ජාතික අභිමානය පිළිබද සිහියේ තබා ගත යුතු බව ද සනත් ජයසූරිය එහිදී වැඩිදුරටත් කියා සිටියා.

Leave a comment