Ultimate magazine theme for WordPress.

කොළඹ පරදා දඹුල්ලට කඩුලු තුනක ජයක්

Match Report

නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් කොළඹ කණ්ඩායම පරදා කඩුලු තුනක ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම අද(26) සමත් වුණා.

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 261 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල පිල පන්දුවාර 48.4 ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කොළඹ පිල වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 53 ක් හා හසන්ක රත්නායක ලකුණු 55 ක් ලබා ගත්තා.

පන්දු යැවීම චමිදු විජේසිංහ ලකුණු 63 කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් පවන් රත්නායක ලකුණු 90 ක් රැස් කළ අතර, රනේෂ් සිල්වා ලකුණු 50 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී හසන්ක රත්නායක ලකුණු 39 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Leave a comment