Ultimate magazine theme for WordPress.

කොදෙව්වන් 223/5 – Day 1 Report

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (11) මීර්පූර්හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව්වන් පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 223ක් ලබා සිටියා.

Nkrumah Bonner නොදැවී ලකුණු 74ක් ලබා සිටින්නේ හතරේ පහර 6ක සමගින්.

නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 47ක් සහ ජෝන් කැම්ප්බෙල් ලකුණු 36ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අබු ජයිඩ් (Abu Jayed) සහ ටයිජුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් වාර්තාගත ජයක් හිමි කර ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

Leave a comment