Ultimate magazine theme for WordPress.

කොදෙව්වන් ලකුණු 355ක් පිටුපසින් – Day 2 Report

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (4) නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 2ක් දැවී ලකුණු 75ක් රැස් කර ගෙන සිටියා.

නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් නොදැවී ලකුණු 49යි.

පන්දු යැවීමේ දී බිද වැටුණු කඩුලු දෙකේම හිමිකරුවා බවට පත් වුණේ මුස්ටෆිසුර් රෙහ්මාන්.

Chattogram හි පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 430ක් ලබා ගත්තා.

මෙහිදි හසාන් මිරාස් සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 103ක් රැස් කළ අතර, ශකිබ් අල් හසාන් ලකුණු 68යි.

පන්දු යැවීමේ දී Jomel Warrican කඩුලු 4ක් දවා ගත්තා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 355ක්.

Leave a comment