Ultimate magazine theme for WordPress.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාලියේ 29 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය හරාරේ හී දී පැවැත්වෙන අතර, අද තරගය සදහා ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව වනිදු හසරංග හා ධනංජය ද සිල්වා මෙම තරගයෙන් විවේක ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔවුන් දෙදෙනා වෙනුවට සහන් ආරච්චිගේ හා දුෂාන් හේමන්ත කණ්ඩායමට කැදවා තිබෙනවා.

සහන් ආරච්චිගේ ක්‍රීඩා කරන මංගල එක්දින ජාත්‍යන්තර තරගය මෙයයි.

කණ්ඩායම් දෙක –

West Indies XI:

Brandon King, Johnson Charles, Keacy Carty, Shai Hope (c & wk), Nicholas Pooran, Shamarh Brooks, Kyle Mayers, Roston Chase, Kevin Sinclair, Romario Shepherd, Akeal Hosein

Sri Lanka XI:

Pathum Nissanka, Dimuth Karunaratne, Kusal Mendis (wk), Sadeera Samarawickrama, Charith Asalanka, Sahan Arachchige, Dasun Shanaka (c), Dushan Hemantha, Maheesh Theekshana, Matheesha Pathirana, Dilshan Madushanka

Leave a comment