Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් පුහුණුවීම් ජූනි පළමු වැනිදාට කල් යයි – පුහුණුවට පෙර ක්‍රීඩකයින් PCR පරීක්ෂණයකට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීම කල් දැමීමට සිදුව තිබෙනවා.

ඒ, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ක්‍රීඩා අමාත්‍යංශය විසින් ජූනි මස පළමු වැනිදා සිට පුහුණුවීම් කටයුතු ආරම්භ කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කර ඇති දැනුම් දීමක් හේතුවෙන්.

මීට පෙර ලබන 15 වැනිදා සිට පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබුණේ.

පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට පෙර ක්‍රිකට් ක්‍රීඩකයින් PCR පරීක්ෂණයකට ද ලක් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු අප කළ විමසීමකදී සදහන් කළා.

Leave a comment