Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියාවට හා දකුණු අප්‍රිකාවට එරෙහි ඉන්දීය 20යි 20 සංචිත නම් කෙරේ

ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරග 3 බැගින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලි සදහා වන ඉන්දීය සංචිත අද(12) නිවේදනය කෙරුණා.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය ද අද නිවේදනය කෙරුණු අතර, එම සංචිතය හා ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාවට එරෙහි සංචිත හා සැසදීමේ සිදු කර ඇත්තේ වෙනස්කම් කිහිපයක් පමණයි.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කෙරුණු අතිරේක ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් මොහමඩ් ෂාමි හා දීපක් චහාර් අදාළ තරගාවලි දෙක වෙනුවෙන් නම් කර තිබෙනවා.

ලෝක කුසලාන සංචිතයට ඇතුළත් අර්ෂ්දීප් සිං ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියට නම් කර නොමැති අතර, බුවනේෂ්වර් කුමාර් හා හර්ඩික් පාන්ඩ්යා දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියට නම් කර නැහැ.

ඉන්දු – ඔස්ට්‍රේලියා තරගාවලිය එළඹෙන 20 වැනිදා මොහාලි හී දී ද, ඉන්දු – දකුණු අප්‍රිකා තරගාවලිය එළඹෙන 28 වැනිදා තිරුවානන්තපුරම් හී දී ද ආරම්භ වීමට නියමිතයි.

India Squad for Australia T20Is:

Rohit Sharma (C), KL Rahul (vc), Virat Kohli, Suryakumar Yadav, Deepak Hooda, Rishabh Pant (wicket-keeper), Dinesh Karthik (wicket-keeper), Hardik Pandya, R. Ashwin, Yuzvendra Chahal, Axar Patel, Bhuvneshwar Kumar, Mohd. Shami, Harshal Patel, Deepak Chahar, Jasprit Bumrah.

India squad for South Africa T20Is:

Rohit Sharma (C), KL Rahul (vc), Virat Kohli, Suryakumar Yadav, Deepak Hooda, Rishabh Pant (wicket-keeper), Dinesh Karthik (wicket-keeper), R. Ashwin, Yuzvendra Chahal, Axar Patel, Arshdeep Singh, Mohd. Shami, Harshal Patel, Deepak Chahar, Jasprit Bumrah.

Leave a comment