Ultimate magazine theme for WordPress.

T20 ලෝක කුසලානයට ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය අද(12) පස්වරුවේ නිවේදනය කෙරුණා.

රෝහිට් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ආසියානු කුසලාන තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ රවීන්ද්‍ර ජඩේජාට ලෝක කුසලාන තරගාවලිය අහිමි වී ඇති අතර, ඒ අනුව වමත් දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටෙල් ඉන්දීය සංචිතයේ ස්ථානය රැක ගැනීමට සමත්ව තිබෙනවා.

ආබාධවලට ලක්වීම හේතුවෙන් නිමා වූ ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා නොකළ වේග පන්දු යවන්නන් වන ජස්ප්‍රිට් බුම්රා හා හර්ෂාල් පටෙල් 20යි 20 ලෝක කුසලානය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව අවේශ් ඛාන්ට සංචිතයේ සිය ස්ථානය අහිමි වී ඇති නමුත්, අර්ෂ්දීප් සිං සංචිතයේ සිය ස්ථානය රැක ගැනීමට සමත්ව තිබෙනවා.

මෙවර ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

India’s squad for ICC Men’s T20 World Cup :

Rohit Sharma (C), KL Rahul (VC), Virat Kohli, Suryakumar Yadav, Deepak Hooda, R Pant (WK), Dinesh Karthik (WK), Hardik Pandya, R. Ashwin, Y Chahal, Axar Patel, Jasprit Bumrah, B Kumar, Harshal Patel, Arshdeep Singh

Standby players – Mohd. Shami, Shreyas Iyer, Ravi Bishnoi, Deepak Chahar.

Leave a comment