Ultimate magazine theme for WordPress.

එන්නත්කරණයට ලක් වූ ප්‍රේක්ෂකයින්ට ක්‍රිකට් ආයතනයෙන් සුබ ආරංචියක්

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව මේ වන විට ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වන හෙට(24) දිනයේ සිට තරග නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමි වනවා.

ගාලු ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 50%ක පිරිසක් පමණක් ක්‍රීඩාංගනයට ඇතුළු කර ගැනීමට කටයුතු කරනු ඇති.

තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් කොරෝනා වෛරසයට (කොවිඩ් 19) එරෙහි එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අය විය යුතුයි.

ක්‍රීඩාංගනයට පිවිසෙන දිනයට දින 14කට පෙර දෙවැනි එන්නත ලබා ගෙන තිබීම ද අනිවාර්යය බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ක්‍රීඩාංගනයට පිවිසීමට පෙර ප්‍රේක්ෂකයින් විසින් එය තහවුරු කළ යුතුයි.

Leave a comment