Ultimate magazine theme for WordPress.

එංගලන්තය 20යි 20 පෙරමුණ රැක ගැනීමේ සටනක

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (8) පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 10.30ට සවුත්හැම්ටන් හී දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරග දෙක ජය ගත් එංගලන්තය මේ වන විටත් තරගාවලිය ජය ගෙන අවසන්.

ලොව අංක එකේ 20යි 20 කණ්ඩායම වූ ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ එම ජයග්‍රහනය හේතුවෙන් මේ වන විට එංගලන්තය 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට ද සමත්ව සිටිනවා.

කෙසේ වෙතත්, අද තරගයෙන් එංගලන්තය පරාජයට පත් වුවහොත් යළි ඔස්ට්‍රේලියානු කණ්ඩායම 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගනු ඇති.

එම කණ්ඩායම් දෙකටම මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 273ක්.

මේ අතර, අද තරගය සදහා පෞද්ගලික හේතුවක් මත එංගලන්ත ක්‍රීඩක ජොස් බට්ලර් ක්‍රීඩා කරන්නේ නැහැ.

Leave a comment