Ultimate magazine theme for WordPress.

ඉන්දියාවට යන්න ස්කොට්ලන්තය හා නෙදර්ලන්තය අද කළ යුතු වන්නේ කුමක්ද?

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තීරණාත්මක තරගයක් අද (6) පැවැත්වෙනවා. ඒ, නෙදර්ලන්තය හා ස්කොට්ලන්තය අතරයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 12.30 ට බුලවායෝ හි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව මේ වන විටත් ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ඇති අතර, ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් මේ වන විට අවස්ථාව පවතින්නේ ස්කොට්ලන්තයට හෝ නෙදර්ලන්තයට පමණයි.

එම කණ්ඩායම් දෙක සුදුසුකම් ලබා ගැනීමටනම් සිදු කළ යුතු වන්නේ කුමක්ද? මේ, ඒ පිළිබද විමසා බැලීමක්.

වත්මන් ප්‍රසාද ලකුණු සටහන

[team_standings 47779]

ස්කොට්ලන්තය මේ වන විට ප්‍රසාද ලකුණු 6ක් ලබා සිටින අතර, සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට ද ප්‍රසාද ලකුණු 6ක් හිමියි. අද තරගයෙන් ස්කොට්ලන්තය ජයගතහොත් ප්‍රසාද ලකුණු 8ක් ලබා ඔවුන් ගැටලුවකින් තොරව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගන්නවා.

කෙසේ වෙතත්, අද තරගයෙන් නෙදර්ලන්තය ජය ගතහොත් මෙම කණ්ඩායම් තුනේම ප්‍රසාද ලකුණු ප්‍රමාණය 6 ක් ලෙස සම මට්ටමට පත් වනවා.

නමුත්, සිම්බාබ්වේ කණ්ඩායමේ (-0.099) ශුද්ධ ලකුණු වේගය මේ වන විටත් නෙදර්ලන්තයට (-0.042) වඩා අවම අගයක් ගෙන ඇති බැවිනුයි සිම්බාබ්වේ කණ්ඩායමට ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට සිදුව ඇත්තේ.

නෙදර්ලන්තය අද තරගය ජයගතහොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු ප්‍රමාණය 6 දක්වා ඉහළ යාමට අමතරව ඔවුන්ගේ ශුද්ධ ලකුණු ප්‍රමාණය ද තවදුරටත් ඉහළ යනවා.

කෙසේ වෙතත්, නෙදර්ලන්තයේ ශුද්ධ ලකුණු ප්‍රමාණයට වඩා ස්කොට්ලන්තයේ (0.296) ශුද්ධ ලකුණු ප්‍රමාණය මේ වන විට ඉහළ අගයක් ගෙන තිබෙනවා.

ඒ අනුව අද තරගයෙන් නෙදර්ලන්තය ජය ගත්ත ද, ජයග්‍රහනයේ පරතරය තරමක් ඉහළ පරතරයක් වුවහොත් පමණයි නෙදර්ලන්තයට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත හැකි වන්නේ.

ඒ අනුව අද තරගයෙන් ස්කොට්ලන්තය පරාජයට පත් වුව ද, එම පරාජය තරමක් අවම පරතරයක් සහිත පරාජයක් වුවහොත් ස්කොට්ලන්තයට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකෙන් එකක් හිමි කර ගනිමින් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත හැකි වනවා.

Leave a comment