Ultimate magazine theme for WordPress.

ඇෆ්ඝනිස්තානය පුහුණුකරුවන්ගේ වැටුප් කපයි – ක්‍රීඩකයින්ගේ වැටුපත් අනතුරේ

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය විසින් සිය පුහුණු කාර්යය මණ්ඩලයේ මැයි මස වැටුප 25% කින් කප්පාදු කර තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ ක්‍රිකට් තරග පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන්.

එමෙන්ම ජූනි මාසයේ දී සිදු කිරීමට නියමිත සිම්බාබ්වේ තරග සංචාරය අවලංගු වුවහොත් එම මාසයට අදාළ පුහුණුකරුවන්ගේ වැටුප 50% කින් කප්පාදු කරනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මූල්‍ය තත්ත්වය තවදුරටත් අර්බුදයකට ලක් වුවහොත් ඉදිරියේ දී එරට කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින්ගේ වැටුප් සම්බන්ධයෙන් ද සමාලෝචනයක් සිදු කිරීමට නියමිත බව සදහන්.

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මේ වන විට කටයුතු කරන්නේ Lance Klusener.

Leave a comment