Ultimate magazine theme for WordPress.

අසාර් අලීට නායකත්වය අහිමි වන ලකුණු

පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ යළි වෙනසක් සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, හිටපු නායක සර්ෆ්‍රාස් අහ්මඩ් වෙනුවට අසාර් අලී පත් කර වසරක පමණ කාලයක් ගත වීමෙන් පසුවයි.

ඒ අනුව අසාර් අලී වෙනුවට මොහොමඩ් රිස්වාන් ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස පත් කිරීමට ඉඩ ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

එළඹෙන නවසීලන්ත තරග සංචාරයට පෙර එය සිදු වනු ඇති බව ද සදහන්.

අසාර් අලීගේ නායකත්වය යටතේ පාකිස්තානය සැලකිය යුතු දක්ෂතා නොදැක්වීම සහ පිතිකරුවෙකු ලෙස අසාර් අලී අසාර්ථක වීම ද මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment