Ultimate magazine theme for WordPress.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය නෙදර්ලන්තයට ; ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්තය සමත් වුණා.

ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව තරගයේ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය හරාරේ හී දී පැවැත්වෙන අතර, මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ආබාධයකට ලක්ව සිටින දිමුත් කරුණාරත්න මෙන්ම දුෂාන් හේමන්ත වෙනුවට ධනංජය ද සිල්වා හා වනිදු හසරංග කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, නෙදර්ලන්ත ක්‍රීඩක බැස් ද ලීඩා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබීම හේතුවෙන් අද තරගය සදහා ඔහු ක්‍රීඩා කරන්නේ නැහැ.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Pathum Nissanka, Sadeera Samarawickrama, Kusal Mendis (wk), Charith Asalanka, Dhananjaya de Silva, Sahan Arachchige, Dasun Shanaka (c), Wanindu Hasaranga, Maheesh Theekshana, Matheesha Pathirana, Dilshan Madushanka

Netherlands XI:

Max O’Dowd, Vikramjit Singh, Wesley Barresi, Noah Croes, Teja Nidamanuru, Scott Edwards (c & wk), Saqib Zulfiqar, Logan van Beek, Ryan Klein, Aryan Dutt, Clayton Floyd

Leave a comment