Ultimate magazine theme for WordPress.

අලුබදුන ඇතුළත් එංගලන්ත ගිම්හාන තරග කාලසටහන නිවේදනය කෙරේ ; ශ්‍රී ලංකාවත් සංචාරයක

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් 2023 ගිම්හාන සෘතුවට අදාළ සිය ජාත්‍යන්තර තරග කාලසටහන අද(21) නිවේදනය කළා.

ඔස්ට්‍රේලියාවට එරෙහි තරග 5 කින් යුත් අලුබදුන ටෙස්ට් තරගාවලිය මෙන්ම අයර්ලන්තයට එරෙහිව ටෙස්ට් තරගයක් ද ඉදිරි ගිම්හාන සෘතුවේ දී ඔවුන් සිය රටේ දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම රටවල් දෙකට අමතරව නවසීලන්ත කණ්ඩායම ද ගිම්හාන තරග වාරයේ දී එංගලන්තයේ තරග සංචාරයක නිරත වනවා.

ඊට අමතරව ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ද එරට සංචාරය කිරීමට නියමිතයි.

ජූනි පළමු වැනිදා සිට 4 වැනිදා දක්වා එංගලන්ත – අයර්ලන්ත ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී යි.

අනතුරුව එංගලන්ත කණ්ඩායම සිය අභිමානය රැක ගැනීමේ අරමුණින් මෙන්ම යළි අලුබදුන ශූරතාවය තමන් සතු කර ගැනීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග බිමට පිවිසෙනවා.

ඒ, අවසන් වරට පැවැති අලුබදුන තරගාවලියේ දී එංගලන්තය තරග 4-0 ක් ලෙස ලැබූ අන්ත පරාජය හේතුවෙන්.

අලුබදුන තරගාවලිය ජූනි 16 වැනිදා බර්මිංහැම් හි එජ්බැස්ටන් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන අතර, තරගාවලිය ජූලි 31 වැනිදා අවසන් වන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙවැනි ටෙස්ට් තරගය ලන්ඩන් හි ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ද, තෙවැනි ටෙස්ට් තරගය ලීඩ්ස් හි හෙඩිංලි ක්‍රීඩාංගනයේ දී ද, සිව්වැනි ටෙස්ට් තරගය මැන්චෙස්ටර්හි එමිරේට්ස් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ දී ද, අවසන් තරගය ලන්ඩන් හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අනතුරුව එංගලන්තය හා නවසීලන්තය අතර තරග 4 කින් යුත් 20යි 20 තරගාවලියක් හා තරග 4 කින් යුත් එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 15 වැනිදා දක්වා අතර කාලයේ දී එම තරගාවලි පැවැත්වීමට කටයුතු යෙදා තිබෙනවා.

ගිම්හාන තරග වාරය අවසන් කරමින් එංගලන්ත කණ්ඩායම අයර්ලන්තයට එරෙහිව එක්දින තරග 3 ක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අතර, එංගලන්ත කාන්තා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග රටා ත්‍රිත්වයම ඇතුළත් අලුබදුන තරග මාලාව ජූනි 22 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

කාන්තා අලුබදුන තරග මාලාවට ටෙස්ට් තරගයක් (ලකුණු 4), එක්දින තරග 3ක් (ලකුණු 2 බැගින්) හා 20යි 20 තරග 3ක් (ලකුණු 2 බැගින්) ඇතුළත්.

අනතුරුව එංගලන්ත කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර 20යි 20 හා එක්දින තරග 3 බැගින් යුත් තරගාවලි දෙකක් පැවැත්වෙන්නේ සැප්තැම්බර් දෙවැනිදා සිට 19 වැනිදා දක්වායි.

සම්පූර්ණ තරග කාලසටහන –

Men’s Test Match vs Ireland

  • June 1- June 4: One-off Test Match, England Men v Ireland Men, Lord’s

Men’s Ashes Series

  • June 16- June 20: 1st Test, England Men v Australia Men, Edgbaston
  • June 28-July 2: 2nd Test, England Men v Australia Men, Lord’s
  • July 6-July 10: 3rd Test, England Men v Australia Men, Headingley
  • July 19-July 23: 4th Test, England Men v Australia Men, Emirates Old Trafford
  • July 27-31: 5th Test, England Men v Australia Men, The Kia Oval

Men’s T20I series vs New Zealand

  • August 30: 1st T20I, England Men v New Zealand, Seat Unique Riverside, Chester-le-Street
  • September 1: 2nd T20I, England Men v New Zealand, Emirates Old Trafford
  • September 3: 3rd T20I, England Men v New Zealand, Edgbaston
  • September 5: 4th T20I, England Men v New Zealand, Trent Bridge

Men’s ODI series vs New Zealand

  • September 8: 1st ODI, England Men v New Zealand, Sophia Gardens, Cardiff
  • September 10: 2nd ODI, England Men v New Zealand, The Ageas Bowl
  • September 13: 3rd ODI, England Men v New Zealand, Kia Oval
  • September 15: 4th ODI, England Men v New Zealand, Lord’s

Men’s ODI series vs Ireland

  • September 20: 1st ODI, England Men v Ireland Men, Headingley
  • September 23: 2nd ODI, England Men v Ireland Men, Trent Bridge
  • September 26: 3rd ODI, England Men v Ireland Men, Seat Unique Stadium, Bristol

Women’s Ashes Series

  • June 22-June 26: One-off Test Match, England Women v Australia Women. Trent Bridge
  • July 1: 1st T20I, England Women v Australia Women, Edgbaston
  • July 5: 2nd T20I, England Women v Australia Women, The Kia Oval
  • July 8: 3rd T20I, England Women v Australia Women, Lord’s
  • July 12: 1st ODI, England Women v Australia Women, Seat Unique Stadium, Bristol
  • July 16: 2nd ODI, England Women v Australia Women, The Ageas Bowl
  • July 18: 3rd ODI, England Women v Australia Women, Cooper Associates County Ground, Taunton

Women’s T20I series vs Sri Lanka

  • September 2: 1st T20I, England Women v Sri Lanka Women, Cloud County Ground, Chelmsford
  • September 6: 2nd T20I, England Women v Sri Lanka Women, Incora County Ground, Derby
  • September 9: 3rd T20I, England Women v Sri Lanka Women, Seat Unique Riverside, Chester-le-Street

Women’s ODI series vs Sri Lanka

  • September 14: 1st ODI, England Women v Sri Lanka Women, Uptonsteel County Ground, Leicester
  • September 17: 2nd ODI, England Women v Sri Lanka Women, The 1st Central County Ground, Hove
  • September 19: 3rd ODI, England Women v Sri Lanka Women, The Spitfire Ground, Canterbury
Leave a comment