Ultimate magazine theme for WordPress.

අරුම පුදුම හය සහ පොලාඩ් – ෆ්ලෙචර් ගැටුම

කොදෙව් ක්‍රීඩකයින් විටෙක විනෝදයට බරයි වගේම තවත් විටෙක වලියට බරයි.

එවැනි අවස්ථා ඕනෑ තරම් ක්‍රිකට් පිටියේ දී අප දැක තිබෙනවා.

මේ දිනවල කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ද එවැනි සිදුවීම් නැතුවාම නොවේ.

ඊයේ (5) ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායම අතර පැවැති තරගයේ දී ද බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීම් ද්විත්යක් ම වුණා.

ඉන් පළමුවැන්නනම් ශාන්ත ලුසියා සෝක්ස් කණ්ඩායමේ පිතිකරු ඇන්ඩ්‍රි ෆ්ලෙචර් විසින් කිරන් පොලාඩ්ට එරෙහිව එල්ල කළ අරුම පුදුම හයේ පහරයි.

ක්‍රිකට් පිටියේ අප සාමාන්‍යයෙන් දකින හයේ පහරවල්වලට වඩානම් එය අතිශය වෙනස්.

මීට පෙර ද ඔහු මෙවැනි හයේ පහරවල් එල්ල කර ඇති බව ඔබට මතක ඇති.

එම පහරේ විශේෂත්වය වචනයෙන් විස්තර කළ නොහැකියි.

දෙවැනි සිදුවීම නම් එම හයේ පහර එල්ල කිරීමෙන් පන්දු තුනකට පසුව ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 42කට දවා ගත් නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක කිරන් පොලාඩ් එය සැමරූ ආකාරයයි.

එය පොලාඩ්ගේ 50 වැනි සී.පී.එල් කඩුල්ල වීම ද විශේෂත්වයක්.

එම අවස්ථා දෙකේ දර්ශන ඔබම නරඹා එහි අපූර්වත්වය රස විදින්න.

ඊට අදාළ වීඩියෝ දර්ශන පහතින් –

Leave a comment