Ultimate magazine theme for WordPress.

අයි.සී.සී නව සභාපතිවරයා තේරී පත් වෙයි

ජගත් ක්‍රිකට් කවුන්සලයේ නව ස්වාධීන සභාපතිවරයා ලෙස නවසීලන්ත ක්‍රිකට් ප්‍රධානී Greg Barclay පත් වී තිබෙනවා.

ඒ පසුගිය ජූලි මාසයේ දී එම ධූරයෙන් ඉවත් වූ ඉන්දියාවේ ශශාන්ක් මනෝහාර් වෙනුවටයි.

නව සභාපතිවරයා තෝරා ගැනීම සදහා පැවැති ඡන්ද විමසීමේ දී Greg Barclay හමුවේ පරාජයට පත් වූයේ මෙතෙක් වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කළ ඉම්රාන් කවාජායි.

පසුගිය සතියේ පැවැති පළමු වටයේ ඡන්ද විමසීමේ දී Greg Barclay ඡන්ද 10ක් හිමි කර ගෙන තිබූ අතර, කවාජා ලබා ගෙන තිබුණේ ඡන්ද 6ක් පමණයි.

කෙසේ වෙතත්, සභාපතිවරයා ලෙස තේරී පත් වීමටනම් ඡන්ද විමසීමේ දී තුනෙන් දෙකක බහුතර ඡන්ද බලයක් ලබා ගත යුතුයි.

එනම් අයි.සී.සී මණ්ඩලයේ සාමාජිකයින් 16 දෙනාගෙන් ඡන්ද 11ක් ලබා ගන්නා පුද්ගලයාටයි ඡන්ද විමසීමෙන් ජය හිමි වන්නේ.

ඒ අනුව දෙවන වටයේ ඡන්ද විමසීමේ දී Greg Barclay තීරණාත්මක 11 වන ඡන්දය හිමි කර ගත්තේ දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ ඡන්දය තමා වෙත හිමි කර ගනිමින්.

Greg Barclay 2012 වසරේ සිට නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන අතර, ඔහු මේ වන විටත්  ජගත් ක්‍රිකට් කවුන්සල මණ්ඩලයේ දී නවසීලන්තය වෙනුවෙන් පෙනී සිටින නිළධාරියෙකු වනවා.

කෙසේ වෙතත්, නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ඔහු දරන අදාළ තනතුරෙන් Greg Barclay ඉදිරියේ දී ඉල්ලා අස්වී ජගත් ක්‍රිකට් කවුන්සලයේ නව ස්වාධීන සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇති.

Leave a comment