Ultimate magazine theme for WordPress.

ICC සභාපති ඉල්ලා අස් වෙයි

අයි.සී.සී හෙවත් ජගත් ක්‍රිකට් කවුන්සලයේ සභාපති ශශාන්ක් මනෝහාර් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ, අවස්ථා දෙකකදී එම ධූරයේ රැදී සිටීමෙන් අනතුරුවයි.

අයි.සී.සී මණ්ඩල රැස්වීමක් අද කැදවා තිබූ අතර, එහිදී එකගතාවයකට එළඹ ඇත්තේ උප සභාපති ඉම්රාන් කවාජා (Imran Khwaja) වැඩබලන සභාපතිවරයා ලෙස තාවකාලිකව පත් කර ගැනීමටයි.

නව සභාපතිවරයා පත් කර ගැනීමේ ක්‍රමවේදය ලබන සතියේ දී අයි.සී.සී මණ්ඩලය විසින් අනුමත කරනු ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ නිවේදනයක දැක් වුණේ.

අනතුරුව නව සභාපතිවරයෙකු පත් කර ගැනීමට කටයුතු කරනු ඇති.

ක්‍රිකට් පුවත් එසැණින් දැන ගැනීමට hitwicket.lk අපගේ ෆේස්බුක් පිටුව සමගින් මෙතැනින් එක්වන්න 

Leave a comment