Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 41 දෙනෙකුට කොන්ත්‍රාත්තු ; ගාස්තු රැසක් ඉහළට

ක්‍රීඩකයින් 41 දෙනෙකු සදහා නව ක්‍රීඩක කොන්ත්‍රාත්තු ලබා දීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

A1, A2, B2, C1, C2, හා ‘A’ කණ්ඩායම යන කාණ්ඩ හය යටතේ මෙම ක්‍රීඩක කොන්ත්‍රාත් ලබා දී ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ක්‍රීඩකයින් සදහා ගෙවනු ලබන තරග ගාස්තු ද ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ක්‍රිකට් ආයතනය තහවුරු කර සිටියා.

ටෙස්ට් තරග වෙනුවෙන් ලබා දෙන තරග ගාස්තු 100 % කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර, දක්ෂතා මත එම ගෙවීම් සිදු කරනු ඇති.

ඒ අනුව ටෙස්ට් තරගයක් ජය ගත් විට, ජය පරාජයෙන් තොරව අවසන් වූ විට හා පරාජයට පත් වූ විට ගෙවීම් සිදු කරනු ලබන්නේ විවිධ ක්‍රමවේද යටතේයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ එක්දින හා විස්සයි 20 ජාත්‍යන්තර තරග සදහා ගෙවනු ලබන තරග ගාස්තු ද 25% කින් ඉහළ නංවා ඇති බවයි.

මේ අතර, ක්‍රීඩකයින් අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට හෝ දෙවැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා ස්ථානයක් හිමි කර ගත් අවස්ථාවලදී ද එම ක්‍රීඩකයින්ට මූල්‍ය ත්‍යාගයක් ලබා දීමට ද තීරණය කර තිබෙනවා.

එමෙන්ම, තරග සංචාරවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින්ට ලබා දෙන දෛනික දීමනා ද ඉහළ නැංවීමටයි ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩකයින් –

  1. Dimuth Karunaratne
  2. Dinesh Chandimal
  3. Wanindu Hasaranga
  4. Angelo Mathews
  5. Kusal Mendis
  6. Dhananjaya De Silva
  7. Charith Asalanka
  8. Pathum Nissanka
  9. Dasun Shanaka
  10. Maheesh Theekshana
  11. Kasun Rajitha
  12. Prabath Jayasuriya
  13. Dushmantha Chameera
  14. Dilshan Madushanka
  15. Asitha Fernando
  16. Sadeera Samarawickrama
  17. Ramesh Mendis
  18. Kamindu Mendis
  19. Chamika Karunaratne
  20. Dunith Wellalage
  21. Lahiru Kumara
  22. Nishan Madushka
  23. Matheesha Pathirana
  24. Kusal Janith Perera
  25. Vishwa Fernando
  26. Jeffrey Vandersay
  27. Pramod Madushan
  28. Janith Liyanage
  29. Akila Dananjaya
  30. Praveen Jayawickrama
  31. Nuwan Thushara
  32. Sahan Arachchige
  33. Nuwanidu Fernando
  34. Dushan Hemantha
  35. Lasith Embuldeniya
  36. Binura Fernando
  37. Shevon Daniel
  38. Niroshan Dickwella
  39. Ashen Bandara
  40. Oshada Fernando
  41. Avishka Fernando
Leave a comment