Ultimate magazine theme for WordPress.

T20 World Cup 2024 : වේගවත්ම T20I ශතකයේ හිමිකරු ඉවත් කරමින් නැමීබියා සංචිතය නම් කෙරේ

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන නැමීබියා සංචිතය නම් කර තිබෙනවා.

Gerhard Erasmus ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් අතර, උප නායකයා ලෙස නම් කර ඇත්තේ JJ Smit.

සංචිතය සදහා විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය රැස් කළ පිතිකරුවා වන Jan Nicol Loftie-Eaton නම් කර නොතිබීම විශේෂත්වයක්. ඔහු මේ වන විට විනය පරීක්ෂණයකට මුහුණ දී සිටින බැවින් මෙලෙස ඔහුව සංචිතයට ඇතුළත් කර නොමැති බව සදහන්.

Jan Nicol Loftie-Eaton විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට සමත් වුණේ පසුගිය පෙබරවාරි මාසයේ දී නේපාලයට එරෙහිව පැවැති තරගයකදීයි. එම තරගයේ දී ඔහු පන්දු 33 කින් ශතකය සම්පූර්ණ කළා.

Pikky Ya France ද සංචිතයට ඇතුළත් කර නොමැති අතර, දකුණු අප්‍රිකාවේ උපත ලද තුන් ඉරියව් ක්‍රීඩක ඩේවිඩ් වීසා මෙම ලෝක කුසලාන සංචිතයට ද ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සංචිතය සදහා ක්‍රීඩකයින් 16 දෙනෙකු නම් කර ඇතත්, මැයි 25 වැනිදා වන විට ඔවුන්ට අවසන් 15 දෙනාගේ සංචිතය නම් කිරීමට සිදු වනු ඇති.

ජූනි පළමු වැනිදා සිට 29 වැනිදා දක්වා කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී නැමීබියාව ක්‍රීඩා කරන පළමු තරගය මෙරට වේලාවෙන් ජූනි 3 වැනිදා ඕමානයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Namibia squad: Gerhard Erasmus (c), Zane Green, Michael Van Lingen, Dylan Leicher, Ruben Trumpelmann, Jack Brassell, Ben Shikongo, Tangeni Lungameni, Niko Davin, JJ Smit, Jan Frylinck, JP Kotze, David Wiese, Bernard Scholtz, Malan Kruger, PD Blignaut

Leave a comment