Ultimate magazine theme for WordPress.

අයි.සී.සී දශකයේ ටෙස්ට් කණ්ඩායම ප්‍රකාශයට පත් කෙරේ

අයි.සී.සී දශකයේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(27) ප්‍රකාශයට පත් කළා.

ඒ, පසුගිය දශකයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින්.

එම කණ්ඩායමට ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ද ඇතුළත්.

කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස නම් කර ඇත්තේ ඇලස්ටයාර් කුක් සහ ඩේවිඩ් වෝනර්.

කේන් විලියම්සන් අංක 3 පිතිකරු ලෙසත්, විරාට් කෝලි කණ්ඩායමේ නායකයා ලෙසත් නම් කර තිබෙනවා.

ස්ටීව් ස්මිත් ද කණ්ඩායමට ඇතුළත්ව ඇති අතර, කුමාර් සංගක්කාර කඩුලු රකින පිතිකරුවෙකු ලෙස ඊට ඇතුළත්.

බෙන් ස්ටොක්ස්, ආර්. අශ්වින්, ඩේල් ස්ටේන්, ස්ටුවට් බ්‍රෝඩ් සහ ජේම්ස් ඇන්ඩර්සන් ද අයි.සී.සී දශකයේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට නම් කර තිබෙනවා.

අයි.සී.සී දශකයේ 20යි 20 කණ්ඩායම මෙතනින්

අයි.සී.සී දශකයේ එක්දින කණ්ඩායම මෙතනින්

Leave a comment