Ultimate magazine theme for WordPress.

දෝනිගේ නායකත්වයෙන් යුත් දශකයේ ICC එක්දින කණ්ඩායමටත් ශ්‍රී ලාංකිකයෙක්

අයි.සී.සී දශකයේ එක්දින ක්‍රිකට් කණ්ඩායම අද ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කළා.

ඒ, පසුගිය දශකයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින්.

එම කණ්ඩායමට ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද ඇතුළත්.

රෝහිට් ෂර්මා, ඩේවිඩ් වෝනර් ආරම්භක පිතිකරුවන් ලෙස එම කණ්ඩායමට නම් කර ඇති අතර, විරාට් කෝලි, ඒ.බී. ඩි විලියස්, ශකිබ් අල් හසාන් ද කණ්ඩායමට නම් කර තිබෙනවා.

මහේන්ද්‍ර සිං දෝනි කණ්ඩායමේ නායකයා සහ කඩුලු රකින්නා ලෙසයි කටයුතු කරන්නේ.

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්, මිචෙල් ස්ටක්, ට්‍රෙන්ට් බෝල්ට් වේග පන්දු යවන්නන් ලෙස ලසිත් මාලිංග සමගින් කණ්ඩායමට ඇතුළත්.

දග පන්දු යවන්නෙකු ලෙස ඊට නම් කර ඇත්තේ ඉම්රාන් තහීර්.

Leave a comment