Ultimate magazine theme for WordPress.

අක්මාල්ගේ ක්‍රිකට් තහනම ලිහිල් කෙරේ

පාකිස්තාන පිතිකරු උමාර් අක්මාල්ට එරෙහිව පනවා තිබූ වසර 3ක ක්‍රිකට් තහනම වසර එකහමාරක් දක්වා අඩු කිරීමට ඔහුගේ අභියාචනය සලකා බැලූ ස්වාධීන විනිසුරුවරයා තීන්දු කර තිබෙනවා.

අක්මාල් විසින් තමාට එරෙහිව පනවා ඇති ක්‍රිකට් තහනමට එරෙහිව ගොණු කළ අභියාචනය ස්වාධීන විනිසුරුවරයෙකු ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු Faqir Muhammad Khokhar ඉදිරියේ දී සලකා බැලීමෙන් අනතුරුවයි මෙම ලිහිල් කිරීම සිදු කර ඇත්තේ.

ඒ අනුව ඔහුට ලබන වසරේ අගෝස්තු මාසයේ දී යළි ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ හැකියාව උදා වනු ඇති.

කෙසේ වෙතත්, එම තහනම ද ලිහිල් කර ගැනීම සදහා යළි අභියානයක් ඉදිරිපත් කිරීමටයි උමාර් අක්මාල් අවධානය යොමු කර ඇත්තේ.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීමේ චෝදනා දෙකක් උමාර් අක්මාල්ට එරෙහිව එල්ල වී තිබූ අතර, ඒ අනුවයි ඔහුට වසර 3ක තරග තහනමක් පැනවුණේ.

එම තහනම මෙම සිද්ධියට අදාළව ඔහුට එරෙහිව පළමු වරට තාවකාලික තරග තහනමක් පැනවූ පසුගිය පෙබරවාරි 20 වනදා සිට ආරම්භ වුණා.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට අදාළව තරග පාවාදීම සදහා ඔහුට කෙරුණු යෝජනා පිළිබද තොරතුරු වාර්තා කිරීමට දෙවරක්ම අසමත් වීම උමාර් අක්මාල්ට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

Leave a comment