Ultimate magazine theme for WordPress.

Watch : සුපිරි පන්දු යැවීමකින් Ellyse Perry දවා ගත් කඩුලු 6

මෙවර කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක් ප්‍රදර්ශනය කරමින් කඩුලු හයක් දවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ Ellyse Perry අද(12) සමත් වුණා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව දිල්ලි හී දී ආරම්භ වූ මෙම තරගයේ දී පළමුව පන්දුව පන්දුවට පහරදුන් මුම්බායි ඉනිම පන්දුවාර 19 ක් තුළ ලකුණු 113 කට සීමා කිරීමට ද මෙම විශිෂ්ඨ පන්දු යැවීම හේතු වුණා.

Ellyse Perry සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 15 ක් ලබා දෙමිනුයි එම කඩුලු හය දවා ගත්තේ. නිලකුණු පන්දු 18 ක් ඇයගේ පන්දුවාර 4ට ඇතුළත්.

මෙය කාන්තා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දී පන්දු යවන්නියක් ප්‍රදර්ශනය කළ හොදම පන්දු යැවීමේ දක්ෂතාවයයි.

දර්ශන පහතින් නරඹන්න –

Leave a comment