Ultimate magazine theme for WordPress.

Watch : සුපිරි පන්දුක් හමුවේ හ්රිදෝයිගේ පිට ඉන්න ගැලවී ගිය හැටි

බංග්ලාදේශයට එරෙහිව අද(13) දහවල් චිතගොං හී දී ආරම්භ වූ පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් බංග්ලාදේශ මැදපෙල පිතිකරු තව්හිද් හ්රිදෝයි දවා ගැනීමට ප්‍රමෝද් මදුෂාන් සමත් වුණා.

ඔහු යොමු කළ අනර්ඝ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් හ්රිදෝයි දැවී යන විට ලබා සිටියේ ලකුණු 3ක් පමණයි.

ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස ඔහු දැවී යන විට බංග්ලාදේශ ලකුණු පුවරුව සටහන්ව තිබුණේ 23 ක් ලෙසයි.

මෙම තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී පන්දුවාර 48.5 කදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 255 ක්.

Leave a comment