Ultimate magazine theme for WordPress.

Watch : සැවොම සිනහවට ලක් කරමින් පන්දුව හිස් ආවරණය තුළට ගිය හැටි

පාකිස්තානය හා එංගලන්තය අතර පැවැත්වෙන තරග 7 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය මෙරට වේලාවෙන් අද (23) රාත්‍රී 8ට කරච්චි හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්තය නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 221 ක් රැස් කරමින්.

විල් ජැක්ස් ලකුණු 40(22) යි. සුපිරි ඉනිම් ද්විත්වයක් ක්‍රීඩා කළ බෙන් ඩකට් හා හැරී බෘෘක් එංගලන්තය දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා.

ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 139 (69) ක්.

ඩකට් නොදැවී ලකුණු 70 ක් ලබා ගත්තේ පන්දු 42 කින්. බෘෘක් ලකුණු 81 ක් නොදැවී රැස් කළා. පන්දු 35 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත්.

බෘෘක් පන්දුවට පහර දෙමින් සිටින අතරතුර දී ඔහු එල්ල කළ පහරකින් පසුව පන්දුව හිස් ආවරණයේ රැදුණු අතර, එම අවස්ථාව බොහෝ දෙනෙකුට සිනහවක් ගෙන ආ අවස්ථාවක් බවට පත් වුණා.

එහි දර්ශන පහතින් නරඹන්න –

Leave a comment