Ultimate magazine theme for WordPress.

Watch : වනිදුට හයක් ගහන්න ගිය මහ්මුදුල්ලාහ් බින්දුවෙන්ම ක්‍රීඩාගාරයට

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී බංග්ලාදේශ පිතිකරු මහ්මුදුල්ලාහ් ලකුණු බින්දුවකට දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අද(15) සමත් වුණා.

චිතගොංහි පැවැත්වෙන තරගයේ දී පළමුව පන්දුවට පහර දෙන බංග්ලාදේශ ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසයි ඔහු දැවී ගියේ.

පළමු තරගයේ දී මහ්මුදුල්ලාහ් විසින් හසරංග යොමු කළ දෙවැනි පන්දුවට හයේ පහරක් එල්ල කිරීමට සමත් වුණා.

මෙම තරගයේ දී ද ඔහු සීමාවෙන් ඉදිරියට පැන එවැනිම පහරක් එල්ල කිරීමට උත්සාහ කළේ තමන් මුහුණ දුන් දෙවැනි පන්දුවටයි.

කෙසේ වෙතත්, පිත්තේ නොවැදුණු පන්දුව කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතට ඇදී ආ අතර, අනතුරුව මහ්මුදුල්ලාහ් ස්ටම්ප් කිරීමකට හසු කර ගැනීමට ඔහු සමත් වුණා.

Leave a comment