Ultimate magazine theme for WordPress.

Watch : මහ්මුදුල්ලාහ් දවා ගන්න මදුෂංක රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද(13) දහවල් චිතගොං හී දී ආරම්භ වූ පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ඩිල්ෂාන් මදුෂංක සමත් වුණා.

බංග්ලාදේශ මැදපෙල පිතිකරු මහ්මුදුල්ලාහ් දවා ගැනීම සදහායි ඔහු එම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

දැවී යන විට මහ්මුදුල්ලාහ් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 37 ක්. ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ඔහු දැවී යන විට බංග්ලාදේශය ලබා සිටි ලකුණු සංඛ්‍යාව 92 ක්.

මෙම තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී පන්දුවාර 48.5 කදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 255 ක්.

Leave a comment